බාල වයස්කාර දරුවන් දෙදෙනෙක් නිරුවත්කර පහර දුන් අයෙක් රක්ෂිත බන්ධනාගාරයට
Monday, 16 March 2020 - 8:13 | Views - 908
බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙක් නිරුවත්කර පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළා.
12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුට මෙලෙස පහර දී ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගලේවෙල, එබවෙල ප්රදේශයේ පදිංචි අදාල දරුවන් දෙදෙනා සිය නිවසට යාබදව පිහිටි ඉඩමකට ඇතුළු වී උණ ගසක් කපා ඇති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ අදාල ඉඩමේ හිමිකරු මෙලෙස දරුවන් දෙනෙනා නිරුවත් කර පහර දී තිබෙනවා.
අදාල පහරදීම සම්බන්ධයෙන් ප්රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්වයක් ද හටගෙන ඇති අතර එම අවස්ථාවේ පොලිසිය පැමිණ සැකකාර ඉඩම් හිමියා අත්අඩංගුවට ගැනුණා.
පහරකෑමට ලක්වූ දරුවන් දෙදෙනා මාදිපොල ප්රාදේශීය රෝහලට ප්රතිකාර සඳහා ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මාතලේ දිස්ත්රික් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article