රාජ්‍ය නායක වීඩියෝ සංවාදය අද සන්ධ්‍යාවේ
Sunday, 15 March 2020 - 13:31 | Views - 601
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සංවාදය අද පස්වරු පහට පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ, කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙසින්.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි.

මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පණිවුඩයෙන් අවධාරණය කළා.

සාක් රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සංවාදය සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගීම සඳහා වූ කාලීන පියවරක් ලෙසයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමේ මාර්ග සිතියමක් සැකසීම සම්බන්ධයෙන් මෙම වීඩියෝ සංවාදයේදී සාකච්ඡා කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

දකුණු ආසියාතික රටවල නායකයන්ගේ එක්වීම ඒවායේ ජනතාවට සාධනීය ප්‍රතිඵල ගෙන එනු ඇති බවට අගමැති මෝදි මෙහිදී විශ්වාසය පළ කළා.

සාක් රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සංවාදයට එක්වීමට සූදානම් බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ද ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top