ඉදිරි සති දෙක තුළ වන්දනා ගමන් හා චාරිකාවල නොයෙදෙන ලෙස ඉල්ලීමක්
Sunday, 15 March 2020 - 13:24 | Views - 553
ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරතවීමෙන් වළකින ලෙස බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගන්නා ලෙසයි බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර සඳහන් කළේ.
Share This Article