කොරෝනා අවදානම නිසා පිලිපීන අගනුවර හුදකලා කිරීම ඇරඹේ
Sunday, 15 March 2020 - 11:47 | Views - 533
මාසයක කාලයක් පුරා පිලිපීනයේ මැනිලා අගනුවර හුදකලා කිරීම අද ආරම්භ වූ අතර, ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් නගරයට ඇතුලුවන ප්‍රධාන මාර්ග අවහිර කරමින් රැකවලේ යෙදී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා.
මිලියන 12ක් ජනයා වෙසෙන මැනිලා අගනුවරට පැමිණෙන සහ පිටත්ව යන දේශීය ගුවන් ගමන් සියල්ල අත්හිටුවා තිබෙනවා. මැනිලා නුවර ස්වයං නිරෝධායනය කිරීම ආරම්භ වූයේ එරට කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 111 දක්වා ඉහළ යාමත් සමඟයි.
එරටින් කොරෝනා මරණ 8ක්ද වාර්තා වුණා.
ජනයා එක්රැස්වන සියලුම ක්‍රියාකාරකම් අත්හිටුවා ඇති අතර, එරට පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දමන ලෙසයි ජනාධිපති රොද්‍රිගෝ ඩුටරෙට් නියෝග කළේ.
Share This Article