වටවල ෆයිනස් වගා රක්ෂිතයක ගින්නක්
Sunday, 15 March 2020 - 10:47 | Views - 506
හැටන් වටවල ෆයිනස් වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 20ක් පමණ විනාශ වී තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ උදෑසන ආරම්භ වූ ගින්න අද අලුයම තෙක් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
පැතිර යමින් තිබූ ගින්න වටවල පොලිසියේ නිලධාරීන් අඩවි වන නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පාලනය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී තිබෙනවා.
දුම්රියෙන් ගමන් කළ මගියෙකු විසි කළ දුම්වැටියකින් හෝ දුම්රිය මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
Share This Article