කොරෝනා තර්ජනය මැද බීමත්ව මහමඟ වැටුණු චීන ජාතිකයාට ආරක්ෂාව සැලසූ සුනඛයන් දෙදෙනාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි - Video & Photos
චීනයේ කොරෝනා වෛරසය පැතිරෙන සමයේ ඩූෂාන් නගරයේ මහමග බීමතින් වැටී සිටි අයෙකුට ආරක්ෂාව ලබාදෙන සුනඛයන් දෙදෙනෙකු ගැන අපූරූ පුවතක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
පසුව පොලිසිය පැමිණ බීමත් පුද්ගලයා අවදි කර ඔහුගේ පවුලේ අයට බාරදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම් ඇසින් දුටු කයි මහත්මිය සඳහන් කළේ පදිකයින් ඇවිද යන සෑම අවස්ථාවකම මෙම සුනඛයින් සෝදිසියෙන් සිටින බවයි.
ඇය පැවසුවේ එක් සුනඛයෙක් දුරින් බලා සිටින අතර අනෙක් සුනඛයා පදික වේදිකාව මත වැටී සිටිනා බීමත් පුද්ගලයාගේ ජංගම දුරකථනය ගැන සෝදිසියෙන් පසුවන බවයි.
මෙය අසාමාන්‍ය සිදුවීමක් වන හෙයින්ම මේ වන විට මෙහි වීඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙමින් තිබෙනවා.
එම අවස්ථාවේ වීඩියෝ හා ඡායාරූප පහතින් බලන්න....



