කාලගුණ තත්වයේ වෙනසක්
Sunday, 15 March 2020 - 9:16 | Views - 1,404
උතුරු පළාත හැර දිවයිනේ අනෙක් ප්‍රදේශවල පවතින කාලගුණ තත්වයේ තරමක වෙනසක් හෙට (16) සිට 18 වනදා දක්වා බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේදී බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.
දිවයිනේ අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
Share This Article