ඇමරිකානු ජනපති ට්‍රම්ප් වෛරසයෙන් නිදහස් - බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ දෙගුණ වෙයි
Sunday, 15 March 2020 - 9:12 | Views - 1,729

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ 56,102 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව ද 5819 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
ඉතාලියෙන් නව ආසාදිතයන් 3500 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනයේ වාර්තාවූ අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 21,157ක්.
එමෙන්ම මරණ 1441ක් ඉතාලියෙන් වාර්තාවන්නේ චීනයෙන් පිටත කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇතිවූ රාජ්‍යය ලෙසින්.
ලොව පුරා රටවල් 137 කට මේ වනවිට වෛරසය පැතිරී තිබෙනවා.
ඉරානයේ කොරෝනා මරණ සංඛ්‍යාවද දිනක් තුළ සියයකින් පමණ ඉහළ ගොස් 611 දක්වා ඉහළ ගොස් ඇති අතර, ස්පාඤ්ඤයෙන් මරණ 195ක් සහ ප්‍රංශයෙන් මරණ 91ක් වාර්තා වුණා.
දකුණු කොරියාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 72ක්.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව දිනක් තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, දැන් එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 21ක්.
බි්රතාන්යයෙන් කොරෝනා ආසාදිතයන් 1143 ක්ද වාර්තාවනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව 2,726 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ සංඛ්‍යාවද 53 දක්වා ඉහළ ගියා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව ධවල මන්දිරය ඊයේ සනාථ කළා.
ඒ ඇමරිකානු නායකයා කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුවයි. ජනපති ට්‍රම්ප් පසුගියදා ෆ්ලොරිඩාවේදී බ්‍රසීල ජනාධිපති නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතවුණා.
ඊට සහභාගිවූ කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම ජනපති ට්‍රම්ප් කොරෝනා පරීක්ෂණයට ලක්වීමට හේතුවයි. ඒ සඳහා ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය මේ වනවිට කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම යුරෝපා රටවල් වෙත පනවා තිබූ සංචාර තහනම බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයද ඇතුලත් වන පරිදි දීර්ඝ කිරීමට ජනපති ට්‍රම්ප් ඊයේ පියවර ගත්තා.
ඉතාලිය හැරුණුකොට කොරෝනා වෛරසයේ බලපෑමට වැඩි වශයෙන් ලක්ව ඇති ස්පාඤ්ඤය රට පුරා දැඩි පියවර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව රාජකාරියට, වෛද්‍ය පහසුකම් හෝ ආහාර ලබාගැනීම හැර කිසිවෙකුට නිවෙස්වලින් නික්මීම තහනම් කර තිබෙනවා.
ජනතාව ගැවසෙන සියලුම ක්‍රියාකාරකම් දින 15 කට අත්හිටුවා ඇත්තේ එරට ආසාදිත සංඛ්‍යාව දිනක් තුළ 1500 කින් ඉහළ යාමත් සමඟයි. මේ වනවිට එරට මුළු ආසාදිත සංඛ්‍යාව 5753ක්.
ප්රංශයද එරට කඩසාප්පු, අවන්හල් ආදිය වසා දැමීමට පියවර ගෙන ඇත්තේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව පැය 72ක් තුළ 4,500 දක්වා දෙගුණයකින් ඉහළ යාම හේතුවෙන්.
Share This Article