රන් මිල පහත වැටෙයි
Sunday, 15 March 2020 - 9:09 | Views - 68,001
සුරක්ෂිත ආයෝජනයක් ලෙස ඉල්ලුම ඉහළ යමින් පැවති ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
සිකුරාදා දිනයේදී පමණක් රන් මිල සියයට 4.5 කින් පහත වැටුණු අතර, ගතවූ සතියේ වාර්තාවූයේ 1983 න් පසු විශාලතම මිල අපගමනයයි.
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් අනෙකුත් වෙළදපලවලට ඇතිවූ බලපෑම නිසා ආයෝජකයන් රන් විකිණීමට පෙළඹීම මෙලෙස රන් මිල පහත වැටීමට හේතුවක් ලෙස සැළකෙනවා.
කෙසේ නමුත් රන් අවුන්සයක මිල මේ වනවිට පවතින්නේ ඇමරිකානු ඩොලර් 1548 ක් ලෙස සාපේක්ෂව ඉහළ මට්ටමකයි.
Share This Article