බ්‍රිතාන්‍යයේ අලූත උපන් බිළිඳෙකුටත් කොරෝනා - ලොව පුරා කොරෝනා මරණ 5500 ඉක්මවයි
Saturday, 14 March 2020 - 19:28 | Views - 564
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ප්‍රකාශයට, පාකිස්ථානයද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එරට විදේශ අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් - 19 වෛරසය මැඩලීම සඳහා ගෝලීය සහ කලාපීය මට්ටමේ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ පරිදි සාක් සාමාජික රටවල වීඩියෝ සංවාදයකට එක්වීමට පාකිස්ථානය සූදානම් බවද එමඟින් වැඩිදුරටත් කියා සිටියා.

භූතාන අග්‍රාමාත්‍යවරයාද ඉන්දීය අගමැති මෝදිගේ ඇරයුමට ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔහු පෙන්වා දෙන්නේ කුඩා රටවල ආර්ථිකයන් කොරෝනා වෛරසයේ බලපෑමෙන් වැඩිම අවදානමකට ලක්වන බවයි.

මේ නිසා සාක් කලාපීය රටවල වීඩියෝ සංවාදයට එක්වීමට භූතානය සූදානම් බවත්, එවැනි සංවාදයකින් කඩිනම් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවත් ඔහු කියා සිටියා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි.

සාක් සංවිධානයේ සාමාජික රටවල දැනුම සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීමට එමගින් අවස්ථාවක් සැලසෙනවා.

මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පණිවුඩයෙන් අවධාරණය කළා.

මේ අතර ලන්ඩනයේ අලූත උපන් ළදරුවෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර, එම ළදරුවා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ළාබාලතම තැනැත්තා ලෙසයි සැළකෙන්නේ.

එම ළදරුවාගේ මව, දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටියදී නිව්මෝනියා රෝග ලක්ෂණ පවතිද්දී අලූත උපන් දරුවාද වහා පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ළදරුවාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ළදරුවාට ගර්භාෂයේදී හෝ දරු ප්‍රසූතියේදී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැළකෙනවා.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් 800 කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, එරටින් මරණ 10ක්ද වාර්තාවුණා.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 47,746 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 5,539ක්.

කොරෝනා වෛරස් ආසාදිතයන් 2174ක් සහ මරණ 45ක් වාර්තාවන ඇමරිකා එක්සත් ජනපදයේ මේ වනවිට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අති අතර, යුරෝපීය රටවල් 26 කට පැනවූ සංචාරක තහනමද දැන් ක්‍රියාත්මකයි.

ඒ අනුව එක්සත් ජනපද පුරවැසියන් හැර එම රටවල පසුගිය දින 14 ගතකළ කිසිවෙකුට ඇමරිකාවට ඇතුලූවීමට අවසර ලැබෙන්නේ නැහැ.

මේ අතර ඇමරිකානු ඇපල් තාක්ෂණික සමාගම චීනය හැර ලොව පුරා රටවල් 24 ක සිය ගබඩා සහ අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා.

ඒ, කොවිඩ් - 19 වෛරසය පැතිරීම අවම කිරීමේ උත්සාහයක් ලෙසින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top