ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී නෑ
Saturday, 14 March 2020 - 10:26 | Views - 500
ඉන්දියාවට රැගෙන විත් නිරෝධායනය කළ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ හමුදා වෛද්‍ය කඳවුරක රදවා නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් පසු ඊයේ රාත්‍රී 10ට පමණ නවදිල්ලි නුවරින් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පිටත් කර එවූ බවයි නවදිල්ලි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් නිලූක කඳුරුගමුව සඳහන් කළේ බවයි.
Share This Article