16, 17 දෙදින තුළ කාලගුණයේ වෙනසක්
Saturday, 14 March 2020 - 10:10 | Views - 582
පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් ලබන 16 සහ 17 දෙදින තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතේ හැර අනෙකුත් ප්‍රදේශවල මෙම දින දෙකෙහි වැසි බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම, අද දිනයේදී ද රත්නපුර, කළුතර, ගාල්ල, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article