දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට - (වීඩියෝ සහිතයි)
Saturday, 14 March 2020 - 9:48 | Views - 726
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම,බද්දෙගොඩ ප්රදේශයේදී ලොරි රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද අලුයම සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පොල්ගස්ඕවිට ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු ප්රතිකාර සදහා හෝමාගම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
පසුපසින් පැමිණි ලොරි රථය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article