සජිත්ට, ආණ්ඩුවෙන් පිළිතුරු
Saturday, 14 March 2020 - 7:54 | Views - 749
පාර්ලිමේන්තුව විසුරුවා ඇති මොහොතකදී කවර හේතුවක් යටතේ වුව ද යළි හදිසියේ කැඳවිය නොහැකි බව ආණ්ඩුව පවසනවා.
සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි ඔහු ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ.
Share This Article