සහරාන් සමඟ දිවුරුම් දුන් පුද්ගලයෙකු CID අත්අඩංගුවේ
Saturday, 14 March 2020 - 7:15 | Views - 444
පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන සහරාන් හෂීම් සමග ස්වයං ඝාතනයට දිවුරුම් දුන් පුද්ගලයින්ගෙන් එක් අයෙකු තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහු මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවත්, ඒ පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණ වුණා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ ලබාදුන් සාක්ෂි අනුවයි.

ඔහු කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ප්‍රධාන නිලධාරියායි. ප්‍රහාරයෙන් අනතුරුව උදැසන 10.45ට පමණ කටුවපිටිය දේවස්ථානය වෙත ගිය තමන්ට ස්වයං ඝාතන බෝම්බය පුපුරුවා හැරි සැකකරුගේ හිස කොටස දේවස්ථානයේ බංකුවක් මත තිබියදී නෙත ගැටුණු බවයි ඔහු කොමිසම හමුවේ සඳහන් කළේ.

බෝම්බකරු “හස්තුන්” නමැති පුද්ගලයෙකු බවට අනාවරණ කර ගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව, 2019 වසරේ අප්‍රේල් 26 වැනි දින තමන් හස්තුන් නමැත්තාගේ දෙමාපියන් පදිංචිව සිටින වාලච්චේනේ පිහිටි නිවසට ගිය බවත්, එහිදී ඔහුගේ මව, පියා සහ සොහොයුරාගේ ලබාගත් සාම්පල, ප්‍රහාරකයාගේ හිසෙහි සාම්පල හා සැසදෙන බවට සිය විමර්ශනයේදී අනාවරණ වූ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් අමරසිංහ පෙන්වා දුන්නේ 2019 වසරේ පෙබරවාරි මස 4වන දින මොහොමඩ් මුබාරක් නමැත්තෙකු විසින් කටුවපිටිය දේවස්ථානයට නුදුරේ පිහිටි දොන් ඬේවිඩ් මාවතේ නිවසක් සිය නමින් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි.

හස්තුන් නමැති ප්‍රහාරකයා එම නිවසේ රැඳී සිට ඇති බව තමන් ආරක්ෂිත කැමරා දර්ශනවලින් අනාවරණ කරගත් බවද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top