ලෝකයක් කම්පා කළ, පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් සිය දරු තිදෙනා අහිමි වූ, ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා, යළි දරුවන් හිමි කරගත් හැටි - Photos
Friday, 13 March 2020 - 20:50 | Views - 1,902
අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත...
නන් දෙසින් ගලා ආ ශෝක පණිවුඩ...
යුවළ සතුටට පත් කළ නිවුන් දරුවන්...
 
ලාංකීය ඉතිහාසයේ එක් අඳුරු දිනයක් ලෙස සැලකෙන අප්‍රේල් 21 වන දින මෙරට සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මුළු ලොවක් කම්පාවට පත් කළ ඛේදවාචකයක් වූවා.
 
මෙම බෝම්බ ප්‍රහාරයට මැදිව මෙරට පමණක් නොව විදෙස් රටවල සිට පැමිණි ඇතැම් සංචාරකයින්ට ද නොසිතූ ලෙස මරු වැළඳ ගන්නට සිදු වුණා.
 
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන, 'ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්' මහතාගේ දරුවන් තිදෙනෙකු ද ඔහුට අහිමි වුණේ 21 වැනිදා ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙනුයි.

මෙම ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ ඔහුගේ දියණියන් තිදෙනාගෙන් වැඩිමහල් දියණියන් තිදෙනා හා බාලම පුතණුවන්.
 
බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකන්නේ ද ඇන්ඩර්ස් හොල්ච් මහතා යි. ඔහු සිය පවුල සමඟ මෙරට සංචාරයකට පැමිණ සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා.
 
විවිධ තර්ජන හේතුවෙන් ඔහු සිය දරුවන්ගේ මුහුණත් සහිත ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීම සිදු නොකළ අතර ප්‍රහාරය සිදුවීමට පෙර දී ද දරුවන් තිදෙනා ලංකාවේ පිහිනුම් තාටකයක් ඉදිරියේ සිටින ඡායාරුපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබුණා.
 
කෙසේ වෙතත්, මෙම දරුවන්ගේ දේහයන් ඩෙන්මාර්කය වෙත රැගෙන ගියේ විශේෂ ගුවන් යානයක් මඟිනුයි. එපමණක් නොව ඩෙන්මාර්කයේ නන් දෙසින් දරු තිදෙනා වෙනුවෙන් ශෝක පණිවුඩද ගලා එන්නට වුණා.
 
මේ සියල්ල එසේ අවසන් වෙද්දි, මෙම සුපිරි වංශාධිපතියා සිය බිරිඳ සමඟ ඔවුන්ගේ නව නිවුන් දරුවන්ගේ උපත සමරමින් සිටින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
දරුවන් අහිමිව වසරක් ගෙවී යන්නට මත්තෙන් උපත ලැබූ නිවුන් ළඳරුවන් "මහා ප්‍රාතිහාර්යයක්" ලෙසයි ඔවුන් හඳුන්වා දෙන්නේ.
 
ඇන්ඩර්ස් හොල්ච්ගේ පෞද්ගලික ලේකම්වරියක් වන ක්‍රිස්ටීන් මොන්ස්ටර්ගේ ප්‍රකාශයක් කරමින් සඳහන් කරමින් තිබුණේ, "මෙම නීරෝගී දරු දෙදෙනාගේ උපත යුවළ සතුටට පත් කර ඇති" බවයි.

ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතා සිය බිරිය සමඟ.. (පහත ජායාරූප බලන්න.)

 
ඩෙන්මාර්ක් රජ පවුලේ සමීපතමයකු වන Anders Holch Povlsen හැම විටම පුද්ගලිකත්වය අගය කළ අතර ඔහුගේ මුළු පවුලම තම තොරතුරු පිටස්තර ලොවට විවෘත නොකළ තරම්ය.



අනතුර සිදුවන්නට දින කීපයකට පෙර වැඩිමහල් දියණිය වන අල්මා විසින් අනෙකුත් දරුවන් තිදෙනා ශ්‍රී ලංකාවේ පිහිනුම් තටාකයක් ඉදිරියේ සිටින ජායාරූපයක් ඇගේ සමාජ ජාල අඩවියකට මුදාහැර තිබිණි. (විවිධ තර්ජන හේතුවෙන් තම දරුවන්ගේ මුහුණත් සහිත ජායාරූප ඔහු විසින් සමාජ මාධ්‍යවලට මුදා හැරීමට ඉඩ නොදුන් බව සඳහන්.)



ස්කොට්ලන්තයේ ඉඩම්වල මොවුන් වන වගා ව්‍යාපෘති ආරම්භ කර තිබුනේ පරිසරය රැකගන්නටය. එම ව්‍යපෘතිය නුදුරු දිනයකදී තම දරුවන්ට පවරන්නට ඔහු තීරණය කර තිබුනේ එය තම ජීවිත කාලය තුළ සම්පූර්ණ කළ නොහැකි බව පවසමිනි.


බෝම්බ ප්‍රහාරය එල්ල වූ ෂැන්ග්‍රිලා හෝටලයේ ජායාරූපයක් පහතින්...



දරු තිදෙනාගේ වියෝව ඩෙන්මාර්කය කැළඹූ හැටි (පහත ඡායාරූප.)

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top