යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි - හෙට සිට පොදු ප්‍රවාහන සේවා විෂ බීජ හරණය කිරීමට පියවර
Friday, 13 March 2020 - 19:11 | Views - 574

කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැලැක්වීම සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවන ලෙසට ද ජනාධිපතිවරයා මෙහිදී නියෝග කර තිබෙනවා.
එමෙන්ම යුරෝපීය රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටයි තීරණය වී ඇත්තේ.
අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස් ආසාධිතයන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඔවුන් ගමන් කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව ද අඛණ්ඩව විමර්ශණය කර ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.
රට තුළ ව්‍යාප්තිය වැලැක්වීමට ජනතාව විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමටයි තීරණය වී ඇත්තේ.
ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ රෝග නිර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය සහිතව උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බවයි.
වෛරසය පැතිර යාම වැළැක්වීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වු බව ද ඔහු කියාසිටියා.
මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන ආකාරයෙන් බෙදාහැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරුනා.
පාලන මිලක් යටතේ ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇතැයි ද සාකච්ඡාවේදී සඳහන් වී තිබෙනවා.
මේ අතර හෙට සිට පොදු ප්‍රවාහන සේවයට යොදාගන්නා බස් රථ සහ දුම්රිය විෂ බීජ හරණය කිරීමට ද තීරණය කෙරුනු අතර ඊට ආරක්ෂක අංශ සහය ලබාගැනෙනු ඇති.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ග පුලුල්ව අධ්‍යයනය කිරීමට ද උපදෙස් ලබාදී තිබෙනවා.
රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වා ගැනීම සහ පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කර ගත යුතුව ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නේ.
Share This Article