කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන 64 දෙනෙකු රෝහල් 17ක - ඉන්ධන සහ ආහාර හිඟයක් නැතැයි රජය කියයි
Friday, 13 March 2020 - 19:09 | Views - 1,817
කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 64 දෙනෙකු දිවයින පුරා වෙන් කළ රෝහල් දාහතක, ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සමඟ සම්බන්ධතා පැවැත්වූ 13 දෙනෙකු ද ඒ අතර වන බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව කියා සිටියේ රට තුළ කිසිදු ඉන්ධන සහ ආහාර හිඟයක් නොමැති බවයි.

එමෙන්ම, රජය ලබා දෙන නිල තොරතුරු මත පමණක් කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

පැතිර යන ඇතැම් කටකතා හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් ජනතාව පෙළඹීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල් රැසක් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ සිටියේ.

එසේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම් ක්‍රියාත්මක අතර අද ඒ පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන පිටකොටුව තොග වෙළඳපොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි, හොරණ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව පූර්ණ සුවය ලබා අද එම රෝහලෙන් පිටව ගියා.

මේ අතර, කොරෝනා වෛරසය පාලනය වනතුරු ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය ද තීරණය කළා.

ඒ අද එම කාර්යාංශයේදී බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජිතයින් සමඟ සිදුකළ සාකච්ඡාවකදීයි.

එසේම, සියලු රජයේ විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමෙන අතර, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාල ලබන සඳුදා සිට 29 වනදා දක්වා දෙසතියක් වසා තැබෙනවා.

වෘත්තිීය පුහුණු ආයතන ද සති දෙකක කාලයකට වසා දැමීමට නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය අද තීරණය කරනු ලැබුවා.

කොරෝනා වෛරසය හේතුවෙන් අද සිට දිවයිනේ සියළුම පෙර පාසල් වසා තැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ද ප්‍රකාශ කළා.

පෙර පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

මේ අතර, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් 315 දෙනෙකු අද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බලධාරින් පියවර ගත්තා.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව අදත් විරෝධතාවක් පැවැත්වුණා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හරින්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව, එවැනි තොරතුරු බෙදා හැරීම සහ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසයි එම කොමිෂන් සභාව, ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් තායි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. අප්‍රේල් මාසයේ සිට සාමාන්‍ය පරිදි ගුවන් ගමන් සිදුකරන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එසේම, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඕස්ටි්‍රයාව යන රටවලින් මගීන්ට පැමිණීම ද අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top