ඉන්ධන සහ ආහාර හිඟයක් ගැන පැතිර යන කට කතා අසත්‍යයි
Friday, 13 March 2020 - 16:13 | Views - 767
රට තුළ කිසිදු ආහාර හෝ ඉන්ධන හිඟයක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අවධාරණය කළේ.
ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවයි එම අමාත්‍යංශය කියාසිටියේ.
ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසට සහ කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අඛණ්ඩව සිදු කරන බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article