ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම යළි දැනුම්දෙන තෙක් අත්හිටුවයි
Friday, 13 March 2020 - 16:06 | Views - 2,944
කොරෝනා වෛරසය සැලකිය යුතු මට්ටමකින් පාලනය වන තෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම සඳහා යළි දැනුම්දෙන තෙක් අනුමැතිය ලබා නොදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.
ආරක්ෂිත පියවරක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් කළ අවධාරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි කාර්යාංශය සඳහන් කළේ.
මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබාදීම සඳහා කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශීය හා විදේශීය සංචාර සීමා කිරීම සිදු කළ යුතුවීම හේතුවෙන් බව ද ඔවුන් කියාසිටියා.
එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ඇතැම් රටවල් විසින් එම රටවල්වලට ඇතුලුවීම සීමා කිරීමට ගෙන ඇති තීරණයට සහයෝගය දීමක් ලෙසට ද මෙම තීරණවලට එළඹුනු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article