ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම යළි දැනුම්දෙන තෙක් අත්හිටුවයි
Friday, 13 March 2020 - 16:06 | Views - 2,945
කොරෝනා වෛරසය සැලකිය යුතු මට්ටමකින් පාලනය වන තෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම සඳහා යළි දැනුම්දෙන තෙක් අනුමැතිය ලබා නොදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ආරක්ෂිත පියවරක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් කළ අවධාරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි කාර්යාංශය සඳහන් කළේ.

මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබාදීම සඳහා කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශීය හා විදේශීය සංචාර සීමා කිරීම සිදු කළ යුතුවීම හේතුවෙන් බව ද ඔවුන් කියාසිටියා.

එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ඇතැම් රටවල් විසින් එම රටවල්වලට ඇතුලුවීම සීමා කිරීමට ගෙන ඇති තීරණයට සහයෝගය දීමක් ලෙසට ද මෙම තීරණවලට එළඹුනු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top