ගූගල් සමාගමේ සේවකයින්ට නිවසේ සිට වැඩ කරන්න අවස්ථාවක්
Friday, 13 March 2020 - 13:09 | Views - 474

ගූගල් සමාගමේ, ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය අසාධනය වී ඇතැයි තහවුරු වීමත් සමග එම කාර්යාලයේ සියලුම සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස ගූගල් සමඟම පවසා තිබෙනවා.
ඩෙල් ඉන්දියා (Dell India) සහ මයින්ඩ්ට්රි (Mindtree) සමාගම් වලින් පසු, තාක්ෂණික දැවැන්තයෙකුගේ සේවකයෙකුට ඉන්දියාව තුළ කොරෝනා වයිරස් ඇති බව හඳුනාගත් අවස්ථාව මෙයයි.
"අපගේ බැංගලෝරයේ කාර්යාලයේ සේවකයෙකුට COVID-19 හඳුනාගෙන ඇති බව අපට සනාථ කළ හැකිය. ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් ඇතිවීමට පෙර පැය කිහිපයක් අපගේ බැංගලෝරයේ කාර්යාලයක සිටියා."යනුවෙන් ගූගල් සමාගමේ ප්‍රකාශකයෙක් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
එතැන් සිට සේවකයා නිරෝධායනයෙහි යෙදී සිටින අතර ගූගල් සමාගම සේවකයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ සගයන්ගෙන් ඉල්ලා සිටියේ නිරෝධායනය කර ඔවුන්ගේ සෞඛ්‍යයද නිරීක්ෂණය කරන ලෙසයි.
“බොහෝ පරිස්සමෙන්, අපි සිකුරාදා නිවසේ සිට වැඩ කරන ලෙස එම බැංගලෝර් කාර්යාලයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු" යනුවෙන්ද සමාගමේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
මීට පෙර, මෘදුකාංග අංශයේ දැවැන්ත ආයතන වන මයින්ඩ්ට්රී සහ ඩෙල් හි ඉන්දියාවේ එක් සේවකයෙකු, ඇමරිකා එක්සත් ජනපදයෙන් ආපසු පැමිණීමෙන් කොරෝනා අසාධනය වී ඇති බව තහවුරු වුනා.
කොරෝනා වෛරසයෙන් ඉන්දියාවේ වාර්තා වූ පළමු මරණයද කර්ණාටක ප්‍රාන්තයෙන් වීම විශේෂත්වයක්.
Share This Article