පොහොට්ටුවේ දිඹුලාගල හඬ ආරණ්‍යවාසී පැලටියාවේ දේවමිත්තාලංකාර හිමි රිය අනතුරකින් අපවත් වෙයි
Friday, 13 March 2020 - 12:26 | Views - 3,712
දිඹුලාගල සොරුවිල මාර්ගයේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ සභාපති පැලටියාවේ දේවමිත්තාලංකාර හිමියන් අපවත් වී තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
දිමුලාගල ආරණ්‍ය සේනාසනය විහාරවාසී හිමිනමක් වූ උන්වහන්සේ පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු ද වනවා.
දිඹුලාගල සිට සොරුවිල දෙසට ගමන්කරමින් සිටියදී උන්වහන්සේ ගමන්කළ මෝටර්රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
අපවත්වන විට උන්වහන්සේ 36 වන වියෙහි පසු වූවා.
අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ දේවමිත්තාලංකාර හිමියන් මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත් වී ඇත්තේ.
මේ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Share This Article