පොහොට්ටුවේ දිඹුලාගල හඬ ආරණ්‍යවාසී පැලටියාවේ දේවමිත්තාලංකාර හිමි රිය අනතුරකින් අපවත් වෙයි
Friday, 13 March 2020 - 12:26 | Views - 3,713
දිඹුලාගල සොරුවිල මාර්ගයේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ සභාපති පැලටියාවේ දේවමිත්තාලංකාර හිමියන් අපවත් වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

දිමුලාගල ආරණ්‍ය සේනාසනය විහාරවාසී හිමිනමක් වූ උන්වහන්සේ පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු ද වනවා.

දිඹුලාගල සිට සොරුවිල දෙසට ගමන්කරමින් සිටියදී උන්වහන්සේ ගමන්කළ මෝටර්රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

අපවත්වන විට උන්වහන්සේ 36 වන වියෙහි පසු වූවා.

අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ දේවමිත්තාලංකාර හිමියන් මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත් වී ඇත්තේ.

මේ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top