කිරි අම්මලාගේ දානයට සම්මාදමේ ගිය කත නිවසකින් ලක්‍ෂ 25ක්‌ කොල්ලකාලා
Friday, 13 March 2020 - 9:04 | Views - 1,742
කිරි මවුවරුන්ගේ දානය සඳහා සම්මාදන් එකතු කරන මුවාවෙන් මීගමුව වෑබඩ පාරේ නිවසකට ගොස්‌ එම නිවසින් රුපියල් ලක්‍ෂ 25 ක්‌ සොරා ගැනීම පිළිබඳ චෝදනා ලබා එම මුදලින් රුපියල් 20 ලක්‍ෂයක්‌ සමග අත්අඩංගුවට ගත් සීදුවේ පදිංචි 62 හැවිරිදි විවාහක කතකට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය එම සැකකාරිය තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
 
ඇප ප්‍රතික්‍ෂේප වී රිමාන්ඩ් භාරයට පත් කළ සැකකාරිය වූයේ සීදුව මූකලංගමුව පදිංචි 62 හැවිරිදි විවාහක කතකි.

මෙහි පැමිණිල්ල මෙහෙයවූ මීගමුව පොලිසියේ පො. කෙ. (5388) නවරත්න බණ්‌ඩාර මහතා විසින් සැකකාරියට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙහි සැකකාරිය අදාළ මුදල සොරකම් කර ඇත්තේ මීගමුව වෑබඩ පාරේ පිහිටි නිවසකිනි.
 
පසුව ඇය සොරාගත් මුදලින් රුපියල් ලක්‍ෂ 5 ක්‌ තම අනියම් සැමියාට ලබාදී ඇයට අවශ්‍ය රන්බඩු මිලදී ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ. ඉතිරි ලක්‍ෂ 20 ක මුදල ඇගේ නිවසේ හාල්මුට්‌ටිය තුළ සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය විසින් සොරාගත් මුදලින් මිලදී ගත් රන් ආභරණ මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඊට ආධාර අනුබල දුන් ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවත් පො. කො. (53883) නවරත්න බණ්‌ඩාර මහතා උසාවිය හමුවේ පැවසීය. විමර්ශන අවසන් නොවීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top