ජැන්ඩියට ඇඳ පැළැඳගත් සුරූපිනිය දුම්රියේ පොකට් ගහද්දී මාට්ටු
Friday, 13 March 2020 - 8:36 | Views - 1,430
ජැන්ඩියට ඇඳ පැළඳ ගත් සුරීපී කාන්තා ගැටකපන්නියක් (11) උදෑසන මගීන්ගෙන් පිරී පැවති දුම්රිය මැදිරියක් තුළදී කාන්තාවකගේ මුදල් පසුම්බියකට විද්ද අවස්ථාවේ එය දුටු දුම්රිය මගියකු මෙම කාන්තාව මගීන්ගේද සහය ඇතිව අල්ලාගෙන තිබේ.
ඉන්පසු සැකකාරිය රාගම දුම්රිය ස්ථානයේ දී දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට භාරදී ඇත. පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය මැදිරියක් තුළදී ඊයේ (11) උදෑසන 8.30 ට පමණ මෙම ගැටකැපීම සිදුවී ඇත.
උඩුගම්පොල ප්රදේශයේ පදිංචි මවක් සහ දියණියක් ගම්පහ දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් කරමින් සිටියදී මෙම ගැටකැපීම සිදුවී ඇති බව පවසන දුම්රිය ආරක්ෂක නිලධාරීන් සැකකාරිය සන්තකයේ තිබී මුදල් රුපියල් විසිහතර දහසක් සහ නවීන ජංගම දුරකථනයක් සමග කාන්තාවගෙන් සොරා ගන්නා ලද රු. 450 ක් තිබූ මුදල් පසුම්බියක්ද හමුවී තිබේ.
මිනුවන්ගොඩ, මොරගොඩවත්ත ප්රදේශයේ පදිංචි ජේ එම් ඒ තරංගා සුභාෂිනි ජයතිලක (43) මෙම සැකකාරිය වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් විසින් රාගම පොලිසියට බාරදී ඇත.
Share This Article