කොරෝනාවලට මුහුණ දීමේ වැඩපිළිවෙළ කෝ ? රනිල් අසයි
Thursday, 12 March 2020 - 21:47 | Views - 1,240
කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට රජය විධිමත් වැඩපිළිවෙලක් සකස්කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.
පාසල් දරුවන්ට නිවාඩු ලබාදීම එක් යහපත් පියවරක් වුවත් කොරෝනා වෛරසය මුහුණදීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි වහා ජනතාවට හෙළිකළ යුතු බවද එක්සත් ජාතික පක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article