කනස්සල්ලෙන් සිටින WWW නිර්මාතෘගෙන් අනතුරු ඇඟවීමක්
Monday, 13 March 2017 - 17:36 | Views - 2,411
world wide web නොහොත් (WWW) නිර්මාතෘ ආචාර්ය ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී අන්තර් ජාලයේ පලවන අසත්‍ය පුවත් පිළිබඳව තමන් කණගාටුවෙන් පසු වන බව ප්‍රකාශ කරනවා.

දත්ත පිළිබඳ පවතින රහස්‍යභාවය සහ දේශපාලන ප්‍රචාරක කටයුතු වැනි දේ සදහා වර්තමානය වන විට අන්තර්ජාලය බහුලව වැරදි ලෙස භාවිතයට ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු විසින් මෑතකදී නිකුත්කරන ලද නිවේදනයක මෙම කරුණ දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාල පිවිසුමට අති ප්‍රධාන පිවිසුම් මාර්ගය වන WWW නොහොත් world wide web නිර්මාණය කර වසර 28ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ඔහු මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.

ව්‍යාජ ප්‍රවෘතීන් පළවීම අවම කර ගැනීම සඳහා සමාජ ජාල මාධ්‍ය සහ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර දරණ උත්සාහය දිරිමත් කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටිනවා.

පෞද්ගලික තොරතුරු පාලනයෙන් ගිලිහීයාම සහ පාලකයන් විසින් රටවැසියන්ගේ ක්‍රියාකාරකම් සියුම් ලෙස නිරීක්ෂණය කිරීම පිළිබඳව ඔහු මෙම නිවේදනය මඟින් අනතුරු ඇඟවීම තවත් විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top