බස් රථ අනතුරකින් 10කට තුවාල
Thursday, 12 March 2020 - 15:22 | Views - 519
මැදවච්චිය මන්නාරම මාර්ගයේ වව්නියාව නෙරියකුලම ප්රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද උදෑසන කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ සෙට්ටිකුලම් සිට වව්නියාව දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් බස් රථයක් පෙරලී යාමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
බස් රථ දෙකෙහි අධික වේගය හේතුවෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්.
සිද්ධිය පිළිබඳ සෙට්ටිකුලම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
Share This Article