කොරෝනා ආසාධනය වූ පුද්ගලයාගේ පුත්‍රයාගේ සත්‍ය තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අද සිදු කළ හෙළිදරව්ව
Thursday, 12 March 2020 - 10:55 | Views - 6,947
මෙරට කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගියාගේ පුත්‍රයාට ද එම රෝගය වැළඳී ඇතැයි පැතිර යන කට කතා මුලුමණින්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඒ, මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවෙදී ය.  කොරෝනා අසාදනය වූ මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා වන සංචාරක මඟ පෙන්වන්නාගේ පුත්‍රයා වන මෙම ශිෂ්‍යයා පිළිබඳව  සමාජ මාධ්‍ය තුළ මේවන විට විශාල කතා බහක් ඇතිව තිබෙනවා.

අද උදෑසන සෞඛ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් පාසලට යැවූ බවත් මේ දරුවාට රෝගය සෑදීමේ සම්භාවිතාව අඩු  බවත් ඔහු කියාසිටියා.

එසේම දිනපතා සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝගීයා පදිංචි වී සිටි නිවසට යන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ පවසා සිටියා.

එම රෝගීයා ගමන් කළ ස්ථානවලට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගොස් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස පැතිරීම වැළැක්වීමට මේවන විට රජය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

හිරු කළ සොයා බැලීමකදීම අනාවරණය වූයේ, මෙම ශිෂ්‍යයාට කොරෝනා ආසාදනය වී ඇතැයි තවමත් තහවුරු කළ නොහැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top