කොරෝනා ආසාධනය වූ පුද්ගලයාගේ පුත්‍රයාගේ සත්‍ය තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අද සිදු කළ හෙළිදරව්ව
Thursday, 12 March 2020 - 10:55 | Views - 6,948
මෙරට කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගියාගේ පුත්‍රයාට ද එම රෝගය වැළඳී ඇතැයි පැතිර යන කට කතා මුලුමණින්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඒ, මේවන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවෙදී ය. කොරෝනා අසාදනය වූ මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා වන සංචාරක මඟ පෙන්වන්නාගේ පුත්‍රයා වන මෙම ශිෂ්‍යයා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේවන විට විශාල කතා බහක් ඇතිව තිබෙනවා.
අද උදෑසන සෞඛ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් පාසලට යැවූ බවත් මේ දරුවාට රෝගය සෑදීමේ සම්භාවිතාව අඩු බවත් ඔහු කියාසිටියා.
එසේම දිනපතා සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝගීයා පදිංචි වී සිටි නිවසට යන බවත් සෞඛ්‍ය අධ්යක්ෂ අනිල් ජාසිංහ පවසා සිටියා.
එම රෝගීයා ගමන් කළ ස්ථානවලට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගොස් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස පැතිරීම වැළැක්වීමට මේවන විට රජය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
හිරු කළ සොයා බැලීමකදීම අනාවරණය වූයේ, මෙම ශිෂ්‍යයාට කොරෝනා ආසාදනය වී ඇතැයි තවමත් තහවුරු කළ නොහැකි බවයි.
Share This Article