සුපිරි හොලිවුඩ් රංගන ශිල්පි ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් හට කොරෝනා වෛරසය වැළඳී මේවනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
රූගත කිරීමක් සඳහා ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී ඔහු සහ බිරිඳට මෙලෙස කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.
63වන වියේ පසුවන මොවුන් දෙදෙනාට මේවන විට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
"අපට සෙම්ප්‍රතිශ්‍යාව හා ශරීරයේ කැක්කුම තිබුණා. රීටාගේ ශරීරයද සීතල ඇති වුණා. අපිට කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි යන පරීක්ෂණය සිදු කළා. එය පොසිටිව්. මේවනවිට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන බවද" හැන්ක්ස් සිය ඉන්ට්රග්රෑම් ගිණුමේ සඳහන් කර තිබුණා.

පසුගියදා ටොම් හැන්ක්ස් සහ බිරිඳ ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්..................



