ඉන්දියාව විදේශිකයන්ට ඇතුලුවීම තහනම් කරයි
Thursday, 12 March 2020 - 8:56 | Views - 4,187

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා.
ජිනිවා නුවර දී ඊයේ මාධ්‍ය අමතමින් එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රයිසස් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
අදවනවිට ලොව පුරා රටවල් 114ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 25,865 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 4615ක් ලෙසයි.
ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව 12,462ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 827 ක්.
ඉරානයෙන් ආසාදිතයන් 9,000 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව 354ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දකුණු කොරියාවෙන් රෝගීන් 7,755ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව 60ක්.
එමෙන්ම ඉන්දියාව විදේශිකයන්ට තම රටට ඇතුලුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 15 දක්වා කාලය තුළ එරටට ඇතුලුවීමට කිසිදු විදේශිකයෙකුට වීසා ලබාදෙන්නේ නැහැ.
විදේශිකයන්ට දිවයිනට පැමිණි පසු වීසා පහසුකම් ලබාදීම හෙවත් ඔන් අරයිවල් වීසා ලබාදීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන බව රජය ප්‍රකාශ කළා.
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඉදිරියටත් ගතයුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් සහ ප්‍රවීනයන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
ජාතික වගකීමක් ලෙස සළකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රටක් ලෙස ගැටළු රැසකට මුහුණදීමට සිදුවිය හැකි බවයි එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ.
කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට රජය ගෙන යන නිරෝධායන වැඩපිළිවෙලට සහ සෙසු ක්‍රියාමාර්ගවලට සියලු පාර්ශවයන්ගේ පූර්ණ සහය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ යළි පරීක්ෂා කිරීමට නියමිතයි.
එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද උදෑසන පහ දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපල වෙත ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 කින් පොළොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුවේ පිහිටි බැටික්ලෝ කැම්පස් වෙත යවා ඇති බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.
එමෙන්ම මෙම මධ්‍යස්ථාන දෙකෙහි පුද්ගලයින් 685 දෙනෙකු නිරෝධායනයට ලක් කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඉතා කෙටි කාලයකදී ඔවුන්ට දිය හැකි උපරිම පහසුකම් ලබාදීමට යුද හමුදාව සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකළ බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.
එමෙන්ම හැඳල සහ දියතලාව මධ්‍යස්ථානද නිරෝධායනය සඳහා සූදානම් කර තිබෙනවා.
එසේම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තමේන්තුව නිවේදනය කළේ හැකිතාක් විදෙස් සංචාරවලින් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
කොරෝනා පැතිරයාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන විදේශිකයන් සඳහාද අදාළ වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණා.
රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු පුද්ගලයෙකුට සමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බවත්, තමන්ගේ මෙන්ම රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා ඊට අනුගතව කටයුතු කරන ලෙසත් රජය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article