කොරෝනා වැළඳී අයි.ඩී.එච්. රෝහලේ සිටින කොළඹ සංචාරක රියදුරා ආගිය තැන් ගැන සොයයි - ඉතාලි සංචාරක කණ්ඩායම සමඟ දඹුල්ලේදී ගත් සෙල්ෆිය
Thursday, 12 March 2020 - 8:19 | Views - 2,237
මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රික්කයේ අයෙකු බව අනාවරණ වී තිබෙනවා.
 
මේ වනවිටත් ඔහුගේ පවුලේ සමීපතමයන් නිවසේදීම වෙන් වෙන්ව නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ.
 
මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසය වැළදී ඇති බවට සැකකෙරෙන කාන්තාවක් හලාවත මහ රෝහලේ සිට අංගොඩ අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර තිබෙනවා.

මෙම කාන්තාව උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ හලාවත මහ රෝහලට ඇතුළත් වු බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
56 හැවිරිදි ආඩිගම සේරුකැලේ ප්‍ර‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඉතාලියේ සේවය කර ඇති අතර,  ඇය පසුගියදා දිවයිනට පැමිණ තිබෙනවා.
 
අනතුරුව ඇය විසින් නිවසේදී සාදයක්ද පවත්වා ඇති අතර, ඒ සඳහාද ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගිවී ඇති බව වාර්තාවුණා.
 
මීට අමතරව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ඉතාලි ජාතික කාන්තාවක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට අද ඇතුළත් වී තිබෙනවා.
 
පසුගිය 28 වනදා මෙම කාන්තාව මෙරටට පැමිණ ඇති අතර, ඇය අනුරාධපුර නගරයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙනුයි මෙලෙස රෝහල් ගතවී ඇත්තේ.
 
එම කාන්තාවගේ සැමියාද රෝහල් ගතකිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
 
මේ අතර කොරෝනා වෛරසය මෙරට දී ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා පෙරේදා පස්වරුවේ  හඳුනා ගත්තා.
 
52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින දෙකකට පෙර අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කෙරුණු අතර සිදුකළ මූලික පරීක්ෂණවලදී කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වුණා.
 
සෞඛ්‍ය බලධාරීන් මෙම පුද්ගලයා ඉතාලි සංචාරක කණ්ඩායම සමඟ ගමන් ගත් ස්ථාන සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
සංචාරක රියදුරෙකු මෙන්ම මාර්ගෝපදේශකයෙකු වන මෙම ආසාදිතයා මාර්තු මස 3 වනදා සිට 9 වනදා දක්වා මෙරට රැඳී සිටි ඉතාලි ජාතික සංචාරකයින් පිරිසකට මාර්ගෝපදේශනය ලබාදී තිබෙනවා.
 
සංචාරක රියදුරු මාර්ගෝපදේශන සංගමයේ සභාපති චන්දන ජයවීර ප්‍රකාශ කළේ තම සංගමයේ සාමාජිකයෙකුද වන මොහු දඹුල්ල සහ මහනුවර ප්‍රධාන පෙළේ හෝටල් දෙකක ලැගුම් ගෙන ඇති බවයි.
 
මේ අතර, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් හයසිය විසි දෙදෙනෙකු මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව - කන්දකාඩු සහ මඩකලපුවේ පිහිටි බැටිකලෝ කැම්පස් වෙත යොමු කර තිබෙනවා.
 
අද දිනයේදීත් එලෙස පැමිණි ගුවන් මගීන් 250 දෙනෙකු යුද හමුදාවේ මැදිහත්වීමෙන් බස් රථ 17කින් අදාළ ස්ථාන වෙත යොමුකර ඇති බව සඳහන්.
 
කෙසේවෙතත් අද උදෑසන එලෙස පැමිණි ගුවන් මගීන් ගුවන් තොටුපල පරිශ්‍රයේදී කළහකාරී ලෙස හැසිරී තිබුණේ ඇතැම් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොවී, පිටව ගොස් ඇති බව පවසමින්.
 
ගුවන් තොටුපලේ සිට මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි ඉතාලියේ සිට පෙරේදා දිනයේදි පැමිණි කුඩා ළමයින් ඇතුලූ 10 දෙනෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.
 
කෙසේ වෙතත්  එහිදී මහනුවර රෝහල් බලධාරීන් ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුව යළිත් ඔවුන් දඹුල්ල මූලික රෝහලට එවා තිබුණා.
 
මේ අතර පොළොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අවශ්‍ය සියලූ පහසුකම් තමන් වෙත ලැබී ඇති බවයි.
එමෙන්ම වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා ආරක්ෂක අංශද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා  තිබුණා.
 
මේ අතර මුදල් නෝට්ටු සහ කාසි ස්පර්ශ කිරීම මගින් ද කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
 
2020 ඩිජිටල් ගණුදෙනු වර්ෂය ලෙස නම් කිරීමේ උත්සවයට එක්වෙමින් මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් ප්‍රකාශ කළේ ඩිජිටල් ගණුදෙනු ක්‍රම මගින් මුදල් නෝට්ටු භාවිතය අවම කළ හැකි බවයි.
 
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
 
මේ අතර නව කොරෝනා වෛරසය ලොව රටවල් 115ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර, වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව එක්ලක්ෂ 21,098ක්.
මිය ගිය සංඛ්‍යාවද 4,366 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top