වාහන කිහිපයක මිල වැඩි වන හැටි මෙන්න
Thursday, 12 March 2020 - 7:45 | Views - 2,072
ජපාන යෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා.
ශ්රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් කියා සිටියේ වැගන් ආර් රථයක මිල රුපියල් 170,000 කින්, පැසෝ රථයක මිල 160,000 කින්, විට්ස් මෝටර් රථයක මිල 240,000 කින්, ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින්, වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ඉහළ යා හැකි බවයි.
මීට අමතරව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ රැසක මිල ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කළේ.
Share This Article