මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්
Wednesday, 11 March 2020 - 16:42 | Views - 4,342
මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රික්කයේ අයෙකු බව අනාවරණ වී තිබෙනවා.
 
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඔහුගේ පවුලේ සමීපතමයන් නිවසේදීම වෙන් වෙන්ව නිරෝධායනයට ලක් කළ බවයි.
 
කොරෝනා වෛරසය මෙරට දී ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ  හඳුනා ගැනුණු අතර, 52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින දෙකකට පෙර අයි.ඩී .එච්. රෝහලට ඇතුලත් කෙරුණු අතර මොහු සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වුණා.

මෙම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට සේවය සපයා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
 
මේ අතර කොවිඞ් 19 හෙවත් කොරොනා වෛරසය වැළදී ඇති බවට සැකකෙරෙන කාන්තාවක් හලාවත මහ රෝහලේ සිට අංගොඩ අයි.ඞී.එච් රෝහල වෙත යොමු කර තිබෙනවා.
 
මෙම කාන්තාව උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ හලාවත මහ රෝහලට ඇතුළත් වු බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
 
56 හැවිරිදි ආඩිගම සේරුකැලේ ප්‍ර‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඉතාලියේ සේවය කර ඇති අතර,  ඇය පසුගියදා දිවයිනට පැමිණ ඇති බව හිරු වාර්තාකරු කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top