ජ’පුර සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධියට සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 11 March 2020 - 13:30 | Views - 1,619
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර දී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් සිසුවෙකු අනතුර සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ද කර ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය 6 වන දා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්සවයක් සංවිධාන කර තිබී ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන්.
එහිදී විනෝද වන ස්ථානයට ගෙන විත් තිබූ ටයරයක් උස් ස්ථානයක සිට සිසුවාගේ හිසට වැටී අනතුරට ලක්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
Share This Article