වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව, තුන් ලක්ෂය ඉක්මවයි
Wednesday, 11 March 2020 - 12:56 | Views - 654
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාස කිහිපයක සිට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස් සඳහන් කරන්නේ නුවරඑළිය හා ඒ අවට පවතින සුන්දරත්වයට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර්, ඇබර්ඞීන්, ලක්ෂපාන, රම්බඩ, කඩියන් ලෙන, ගැරඬිඇල්ල ඇතුළු සුන්දර දිය ඇලි රැසක මේ වන විට ජල මට්ටම පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දිවා කාලයේ පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් නිසි ලෙස නුවරඑළිය අවට සුන්දරත්වය නැරඹීම තමන්ට ගැටළුවක්ව පවතින බවත්, එමෙන්ම පවතින වියළි කාලගුණ රටාව නිසා නුවරඑළියේ පෙර කාලවල පැවති සුන්දරත්වය මේ වන විට මැකී ගොස් ඇති බවත් විදෙස් සංචාරකයින් පවසනවා.

මේ අතර, පවතින වියළි කාලගුණය හේතුවෙන් පවුල් 53,157කට අයත් පුද්ගලයින් තුන් ලක්ෂ 1253ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top