වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව, තුන් ලක්ෂය ඉක්මවයි
Wednesday, 11 March 2020 - 12:56 | Views - 655
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාස කිහිපයක සිට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්රයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
සංචාරක ක්ෂේත්රයේ නිරත පිරිස් සඳහන් කරන්නේ නුවරඑළිය හා ඒ අවට පවතින සුන්දරත්වයට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර්, ඇබර්ඞීන්, ලක්ෂපාන, රම්බඩ, කඩියන් ලෙන, ගැරඬිඇල්ල ඇතුළු සුන්දර දිය ඇලි රැසක මේ වන විට ජල මට්ටම පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දිවා කාලයේ පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් නිසි ලෙස නුවරඑළිය අවට සුන්දරත්වය නැරඹීම තමන්ට ගැටළුවක්ව පවතින බවත්, එමෙන්ම පවතින වියළි කාලගුණ රටාව නිසා නුවරඑළියේ පෙර කාලවල පැවති සුන්දරත්වය මේ වන විට මැකී ගොස් ඇති බවත් විදෙස් සංචාරකයින් පවසනවා.
මේ අතර, පවතින වියළි කාලගුණය හේතුවෙන් පවුල් 53,157කට අයත් පුද්ගලයින් තුන් ලක්ෂ 1253ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
Share This Article