අතිදුර්ලභ සුදු ජිරාෆ් සතුන් දෙදෙනෙකු කෙන්යාවේදී මරාදමයි
Wednesday, 11 March 2020 - 12:33 | Views - 1,756
අතිශය දුර්ලභ සුදු ජිරාෆ් සතුන් දෙදෙනෙකු කෙන්යාවේදී දඩයක්කරුවන් විසින් මරා දමා තිබේ.

ගැහැණු සතෙකුගේ සහ එම සතාගේ පැටවාගේ මළ සිරුර ගරිස්සා ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

සුදු පැහැති තවත් එක් ජිරාෆ් සත්වයකු පමණක් දැනට ජීවත්ව සිටින අතර එම සත්වයා දැනට ලෝකයේ ඉතිරිව සිටින එකම සුදු ජීරාෆ් සත්වයා ලෙස සැළකෙයි.

සමේ වර්ණක නොමැති වීමේ දුර්ලභ තත්ත්වය හේතුවෙන් මෙම සත්වයින්ට සුදු පැහැයක් ලැබී ඇත.

2017 වසරේදී මුල්වරට මෙම සත්වයින් ඡායාරූප ගතකර ඇති අතර ඉන් පසුව ඒ පිළිබඳ ලොව පුරා ප්‍රචාරය විය.
‍
මෙම සත්ව ඝාතන සිදුකළ පුද්ගලයින් මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර මෙම ඝාතනවල අරමුණ ද හෙළි වී නොමැත.

Image result for poachers'
Image result for poachers'Image result for poachers'
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top