කොරෝනා වෛරසය හෙවත් COVID-19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වන විට ලොව පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
කොරෝනා වෛරසය මෙරටදී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හදුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්.
ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවය සපයා තිබෙනවා. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා.
සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා. එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙන යන මෙම වැඩපිළිවෙලට ලබාදෙන්නැයි රජය තවදුරටත් ඉල්ලා සිටිනවා.