එකමලකට පෙම් බැඳි සුද්දෝ දෙන්නෙක් උණවටුනේදී ගුටිබැට හුවමාරුවක
Wednesday, 11 March 2020 - 8:31 | Views - 2,790
පෙම් පළහිලව්වක් සම්බන්ධයෙන් විදේශික ජාතිකයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් දුරදිග යෑමෙන් එක් විදේශීය ජාතිකයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
පෙරේදා (08 ) දින උණවටුන ප්‍රදේශයේ දී මෙම ගුටිබැට හුවමාරුව සිදුවී තිබේ. මෙසේ ගුටිගසා ගෙන ඇත්තේ එංගලන්ත ජාතිකයකු හා ඉතාලි ජාතිකයකු බව පොලිසිය පවසයි.
මෙරට තරුණියක් සමග ඇතිකරගෙන තිබූ පේ‍්‍රම සම්බන්දතාවක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවූ බව පොලිසිය පවසයි. තරුණිය එංගලන්ත ජාතිකයා සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කරගෙන ගොස් ඇත.
පසුව එම පේ‍්‍රම සම්බන්ධතාව බිඳවැටී තිබේ. පසුව ඇය ඉතාලි ජාතිකයා සමග සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇත.
මෙම පේ‍්‍රම පලහිලව්ව හේතුවෙන් එංගලන්ත ජාතිකයා විසින් ඉතාලි ජාතිකයාට පහරදී ඇත. පහරදීම සම්බන්ධයෙන් එංගලන්ත ජාතිකයා හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතා ඇතුළු නිලධාරීහු විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Share This Article