එකමලකට පෙම් බැඳි සුද්දෝ දෙන්නෙක් උණවටුනේදී ගුටිබැට හුවමාරුවක
Wednesday, 11 March 2020 - 8:31 | Views - 2,791
පෙම් පළහිලව්වක් සම්බන්ධයෙන් විදේශික ජාතිකයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් දුරදිග යෑමෙන් එක් විදේශීය ජාතිකයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
 
පෙරේදා (08 ) දින උණවටුන ප‍්‍රදේශයේ දී මෙම ගුටිබැට හුවමාරුව සිදුවී තිබේ. මෙසේ ගුටිගසා ගෙන ඇත්තේ එංගලන්ත ජාතිකයකු හා ඉතාලි ජාතිකයකු බව පොලිසිය පවසයි.

මෙරට තරුණියක් සමග ඇතිකරගෙන තිබූ පේ‍්‍රම සම්බන්දතාවක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවූ බව පොලිසිය පවසයි. තරුණිය එංගලන්ත ජාතිකයා සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කරගෙන ගොස් ඇත.

පසුව එම පේ‍්‍රම සම්බන්ධතාව බිඳවැටී තිබේ. පසුව ඇය ඉතාලි ජාතිකයා සමග සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇත.
 
 මෙම පේ‍්‍රම පලහිලව්ව හේතුවෙන් එංගලන්ත ජාතිකයා විසින් ඉතාලි ජාතිකයාට පහරදී ඇත. පහරදීම සම්බන්ධයෙන් එංගලන්ත ජාතිකයා හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
 
 හබරාදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත උදයකුමාර මහතා ඇතුළු නිලධාරීහු විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top