උතුරේ ආරක්ෂාව වැඩි කෙරේ
Wednesday, 11 March 2020 - 7:48 | Views - 765

මහ මැතිවරණ සමයක් එළඹීමත් සමගම උතුරේ කිළිනොච්චිය හා මුලතිව් යන ප්‍රදේශ වල ආරක්ෂාව 10 දා සිට ඉහළ දමා ඇතැයි වාර්තා වනවා.

මෙම පළාත් වල කළින් පිහිටි මුරපොලවල් වලට අමතරව තවත් මුරපොලවල් කීපයක්ම යොදා ඇති අතර ඒ අනුව උතුරු පළාතේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් ගමන කරණ වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කොට තිබෙනවා.

මේ අතර වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ හා අලිමංකඩ ප්‍රදේශයේ පිහිටුවා ඇති මුර පොලවල් නිසා ඒ-9 මාර්ගයේ ගමන් ගන්නා සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමද සිදු වනවා.

මැතිවරණ සමයේදී දකුණේ අනවශ්‍ය හා සැකකටයුතු පුද්ගලයින් උතුරු පළාතට පැමිණීමට ඇති හැකියාව වැඩි වන බව පවසන ආරක්ෂක අංශ ඒ අන්දමටම උතුරේ සිට අනවශ්‍ය හා සැකකටයුතු පුද්ගලයින් දකුණු පළාතට යා හැකි බවද සදහන් කරනවා.

මීට අමතරව ආරක්ෂක අංශ මැතිවරණ කටයුතු සදහා ආරක්ෂාව සපයා දීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන අතරවාරයේදී උතුරත් දකුණත් අතර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදුවිය හැකි නිසා එම ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගැනීමේ එක් අරමුනකින් යුතුව උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ ප්‍රධානීන් කියා සිටියා.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top