
මහ මැතිවරණ සමයක් එළඹීමත් සමගම උතුරේ කිළිනොච්චිය හා මුලතිව් යන ප්‍රදේශ වල ආරක්ෂාව 10 දා සිට ඉහළ දමා ඇතැයි වාර්තා වනවා.
මෙම පළාත් වල කළින් පිහිටි මුරපොලවල් වලට අමතරව තවත් මුරපොලවල් කීපයක්ම යොදා ඇති අතර ඒ අනුව උතුරු පළාතේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් ගමන කරණ වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කොට තිබෙනවා.
මේ අතර වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ හා අලිමංකඩ ප්‍රදේශයේ පිහිටුවා ඇති මුර පොලවල් නිසා ඒ-9 මාර්ගයේ ගමන් ගන්නා සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමද සිදු වනවා.
මැතිවරණ සමයේදී දකුණේ අනවශ්‍ය හා සැකකටයුතු පුද්ගලයින් උතුරු පළාතට පැමිණීමට ඇති හැකියාව වැඩි වන බව පවසන ආරක්ෂක අංශ ඒ අන්දමටම උතුරේ සිට අනවශ්‍ය හා සැකකටයුතු පුද්ගලයින් දකුණු පළාතට යා හැකි බවද සදහන් කරනවා.
මීට අමතරව ආරක්ෂක අංශ මැතිවරණ කටයුතු සදහා ආරක්ෂාව සපයා දීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන අතරවාරයේදී උතුරත් දකුණත් අතර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදුවිය හැකි නිසා එම ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගැනීමේ එක් අරමුනකින් යුතුව උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ ප්‍රධානීන් කියා සිටියා.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
75 Views
103 Views
266 Views
162 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
79 Views
76 Views
49 Views