හාගල රක්ෂිතයට ගිනි තැබූ අටක් රිමාන්ඩ්
Wednesday, 11 March 2020 - 7:47 | Views - 434

ඉඹුල්පේ හාගල රක්ෂිතයේ ගිනි තැබීමක් සම්බන්ධයෙන් හාගල රක්ෂිතයේ රැඳී සිටි අටදෙනකු 9දා බළන්ගොඩ අඩවි වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වත්තල පදිංචි පුද්ගලයන් අටදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බව බළන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් පවසනවා.

එක් අයකුට රුපියල් තිස්දාහස බැගින් රුපියල් දෙලක්ෂ විසිහතර දහසක දඩ මුදලක් ගෙවන ලෙසට බළන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක නියෝග කළේය.

9 වැනිදා පස්වරුවේ සිට හාගල රක්ෂිතයේ හටගෙන තිබුණු එම ගින්න මැඬපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන් හාගල රක්ෂිතයට ගිය බව විජයන්ත උපුල් මහතා කීය. එහිදී රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී සිටි එම පිරිස ගිනි තැබීමට සැකපිට අත්අඩංගුවට ගත් බව ඒ මහතා කීවේය. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඊට පෙර දින ඔවුන් රක්ෂිතයට ඇතුළු වී රක්ෂිතයේ කූඩාරම් ඉදිකර නතර වී සිට ඇති බවයි. ගින්නෙන් විනාශ වී ඇති භූමි ප්‍රමාණය මෙතෙක් තහවුරු කරගෙන නොමැත. 

බළන්ගොඩ වන සංරක්ෂණ නිලධාරීන් සමනල වැව පොලිසිය සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේද සහාය ඇතිව ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළ බව බළන්ගොඩ අඩවිය වන නිලධාරි විජයන්ත උපුල් මහතා කීය.

 

බළන්ගොඩ - නලින්ද වලේබොඩ,
බෙලිහුල්ඔය - සමන්තා රත්නායක,
කල්තොට - එස්. වීරවංශ,
කහවත්ත - එල් නිරෝෂණ,
බළන්ගොඩ - පියසේන එන්.හේවගේ

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top