හොර ස්පා දෙකකින් කතුන් 5ක් සමඟ කළමනාකරුවන් දෙදෙනකු අත්අඩංගුවේ
Wednesday, 11 March 2020 - 7:44 | Views - 547

බලපත්‍ර නැතිව පවත්වාගෙන යනු ලැබූ සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා කාන්තාවන් පස් දෙනකු සමඟ කළමනාකරුවන් දෙදෙනකු බියගම පොලිසියෙන් ඉකුත් පෝය දින (09දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබිණි. එක් සම්බාහන මධ්‍යස්ථානයක් සියඹලාපේ හන්දිය ප්‍රදේශයේදී හා අනික් මධ්‍යස්ථානය බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී වටලා තිබේ. සියඹලාපේ හන්දිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සමඟ කාන්තාවන් තිදෙනකු හා බණ්ඩාරවත්ත සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සමඟ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.  එම සම්බාහන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් බදුල්ල, අම්පාර හා මාතර වැනි දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියෝ වන අතර ඔවුන් වයස 22ත් 34ත් අතර වෙති.

එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1000ක් ගෙවා සම්බාහන මධ්‍යස්ථානවලට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුහු ඉල්ලන මුදල ගෙවිය යුතුවේ.

බියගම - කේ. දුමින්ද

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top