
කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව රාත්‍රි කාලයේ සිදුවන ආවේක්ෂණ ක්‍රියාවලිය මඟහරිමින් සැකකටයුතු පිරිස් රට තුළට පැමිණීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයිද මේ තත්ත්වය යටතේ කොවිඩ් 19 වසංගතය රට තුළට ඇතුළුවීමේ දැඩි අවදානමක් ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරයි.
ආවේක්‍ෂණ ක්‍රියාවලිය සඳහා නිලධාරීන් යොදවා තිබුණත් රාත්‍රි කාලයේ නිසි පරිදි අධීක්‍ෂණ කටයුතු සිදු නොවීම නිසා මෙසේ හොර පාරේ ඇතැමුන් පිටව යන බවට පැමිණිලි ලැබී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.
මෙසේ පිටව ගොස් ඇති චීනයේ සිට පැමිණි 21 දෙනෙකු බම්බලපිටියේ ස්ථානයක රැඳී සිටින බව වාර්තා වී ඇතැයි ද හෙතෙම පැවසීය.
ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදුවන ආවේක්ෂණ ක්‍රියාවලියේ බරපතළ හිඩැස් ඇති බවට නැඟෙන චෝදනා සෞඛ්‍ය බලධාරීන්ගේ මූලික අවධානයට ලක්විය යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.
අධි අවදානම් කලාපවල සිට ගුවන් මඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් නිවෙස්වලට නොයවා ආයතනික ව්‍යුහයක් තුළ නිරෝධායනය කළ යුතු බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා යම් හෙයකින් මේ වසංගතය රට තුළට ඇතුළුවුවහොත් එහි වගකීම භාරගන්නේ කවුරුන්දැයි වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රශ්න කරයි.
හඳුනාගනු ලබන සැක සහිත රෝගීන් වෙන්කර තැබීමේ පහසුකම් (Insolation rooms)තෝරාගත් රෝහල් ආශ්‍රිතව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වැඩිදියුණු කිරීම සිදුකළ යුතුව ඇතැයිද ලේකම්වරයා සඳහන් කරයි.
සැක සහිත රෝගීන්ගේ ඛේට හා රුධිර සාම්පල් ජෛව ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පරික්ෂාවට ලක්කළ හැකි රසායනාගාර පහසුකම් රට තුළ වැඩිදියුණු කිරීම මේ අවදානම් සහගත අවස්ථාවේ අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.
ජේ.ටී. ද සිල්වා
75 Views
103 Views
266 Views
162 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
79 Views
76 Views
49 Views