බීමත්ව අධිකරණයට පැමිණි සැකකරුවෙකුට සිර දඬුවම්
Tuesday, 10 March 2020 - 18:08 | Views - 463
බීමත්ව පැමිණ අධිකරණයේ නඩු කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් වරදකරු වූ සැකකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මාස දෙකක සිර දඬුවමක් සහ රුපියල් 1500 ක දඩයක් නියම කළා.
ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගිවීම සඳහා පැමිණි සැකකරු අධිකරණ ශාලාවේ සිටියදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සැකසිතී සිදුකළ පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණ වී තිබෙනවා.
පසුව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක්ද ලබාගෙන සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ.
Share This Article