දූෂකයින් අතින් ගිනිබත් වූ වසීරා, ඉන්දියාවම හඬවමින් අවසන් ගමන් ගිය හැටි
Tuesday, 10 March 2020 - 16:42 | Views - 1,716
පසුගිය කාල සීමාව තුළදී ඉන්දියානු කාන්තාවන් විරින් වර දූෂණයට මෙන්ම ඝාතනයට ලක්වීම නිසා ඉන්දියාව කාන්තාවන්ට සුරක්ෂිත රටක්ද යන්න පිළිබඳ දැඩි මහජන මතයක් ඉන්දියාව පුරා ස්ථාපනය වෙමින් පවතිනවා.
 
වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කොට මරාදැමීමේ සිද්ධියට ඉන්දියාව පුරා දැඩි විරෝධයක් පැන නැගුණු අතර ඊට එරෙහි වූ අපරාධකරුවන් එල්ලා මරා දැමීමට පසුගියදා තීරණය කෙරුණේ වසර ගණනක නඩු තීන්දුවකින් පසුවයි.

පශූ වෛද්‍යවරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගැණුනු අපරාධකරුවන් පොලිසිය විසින් වෙඩි තබා මරා දැමීමත් සමඟ මානව හිමිකම් සංවිධාන ඊට විරෝධය දැක්වීම ද උද්ඝෝෂකයින්ගේ දැඩි විරෝධයට හේතු වූ තිබෙනවා.
 
මෙවන් වාතාවරණයක් තුළ පසුගියදා උත්තර ප්‍රදේශයෙන් තවත් කාන්තා ඝාතනයක් වාර්තා වුණා. ඒත් සමඟම ඇතිවී තිබූ උද්ඝෝෂණ රැල්ල හා විරෝධතා රැල්ල හසුරුවන්නට ඉන්දීය රජය දැඩි උත්සහයක් ගත්තා. එහෙත් මහජන අප්‍රසාදය දිගින් දිගට එල්ල වීම නිසා ඉන්දීය බලාධාරින්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
 
විසි හැවිරිදි වසීරා තරුණයන් පස් දෙනෙකු අතින් දූෂණයට ලක් වූ කාන්තාවක්. අපරාධකරුවන් ඇය මරා දමන්නට උත්සහා කළද ඇය කෙසේ හෝ ඔවුන්ගෙන් බේරී පලා ගියා.
 
පසුව ඇය දූෂකයන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ අනුව ප්‍රධාන සැකකරු ෂුබම් ත්‍රිවේදී ඇතුළු පස්දෙනෙකු ඉන්දීය පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරුණා.
 
අධිකරණය හමුවේ පැවති මෙම නඩු විභාගයට සාක්කි දීමට පසුගියදා වසීරා රායි බෝලී පිහිටි උසාවියට යමින් සිටි ඇය පාළු ස්ථානයකදී අල්ලාගත් පිරිසක් ඇයට පහරදී පැට්‍රල් වක් කොට ඇගේ ශරීරයට ගිනි තැබුවා.
 
සිද්ධිය දැනගැනීමත් සමඟ එතැනට පැමිණී පොලිසියට දැකගත හැකි වූයේ ඇග් සිරුර දැඩි ලෙස පිළිස්සි ඇති බවයි. එහෙත් ඇය කතා කරගත හැකි තත්ත්වයක සිටියා. පොලිස් නිලධාරින් ඇය වහා ලක්නව් රෝහලට ඇතුළත් කළා. එහිදී ඇය තමාට අත්වූ ඉරණම හා තමාට ගිනි තැබූ අපරාධකාරුගේ නම් සියල්ල රෝහල් වෛද්‍යවරුන්ට පැවසුවා.
 
රෝහල් බලධාරින් ඇගේ ප්‍රකාශය පොලිසියට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව දැඩි ලෙස අසාධ්‍ය වූ ඇය දිල්ලියේ පිහිටි සෆ්ඩාර්වූන් රෝහලට මාරු කර ප්‍රතිකාර ලබා දුන්නද ඊට පසුදින ඇය එම රෝහලේදීම මරණයට පත් වුණා.
 
"මට මැරෙන්න ඕන නැහැ. මට මේ කළ අපරාධයට ඔවුන් පස් දෙනා එල්ලා මරා දැමිය යුතුමයි. ඔවුන් එල්ලා මරනු දැකීම මගේ එකම කැමැත්තයි. එතෙක් මගේ ජීවිතය බේරා දෙන්න.."
 
මිය යන්නට මොහොතකට මත්තෙන් ඇය රෝහල් වෛද්‍යවරු ඉදිරියේ හඬා වැටෙමින් එසේ පවසා තිබුණා.
 
කෙසේ වෙතත් ඇගේ මරණයත් සමඟ ඉන්දියාව පුරා දැඩි නොසන්සුන්තාවයක් ඇති වුණා. සිද්ධිය පිළිබඳ දස දෙසින් ශෝක පණිවුඩ ගලා එන්නට වූ අතර විරෝධතා කරුවන් පෙළපාලි සංවිධානය කරමින් අපරාධකරුවන් වහා නීතිය ඉදිරියට ගෙන එන ලෙස පොලිසියට බල කර සිටියා.
 
කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ පොලිසිය වසීරාට පහරදී මරා දැමුණු අපරාධකරුවන් අත්අඩංගුවට ගත් අතර මෙහි ප්‍රධාන විත්තිකරු ලෙස ෂුබම් ත්‍රීවේදී නම් කර තිබුණා.
 
වසීරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධීකරණය හමුවේ කියා සිටියේ අත්අඩංගුවට ගෙන සිටින ෂිවම් හා ෂුවම් වසීරා පැහැරගෙන ගොස් දූෂණය කර ඇති අය බවත්, පසුව ඔවුන්ගෙන් මිදී පැන ආ ඇය ඔවුන්ට එරෙහිව පැමිණිලි කිරීමත් ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කළත් ඔවුන්ට ඇප නියම වී ඇති බවයි.
 
ඇප ලබා පැමිණී මොවුන් වසීරාට නැවතත් තර්ජනය කරමින් ඇය කෙසේ හෝ මරා දමන බවට පවසා ඇති බවත් ඇගේ පවුලේ උදවිය මේ ගැන පැමිණිලි කිරීමට බිහාර් පොලිසියට ගියද පොලිස් බලධාරින් එම පැමිණිල්ල සටහන් කරගෙන නැති බවත්, වසීරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පවසා සිටියා. මේ නිසා මෙම අපරාධකරුවන්ට නැවත ඇප ලබා නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි ඔවුන් මොවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කර යළි මෙවන් අපරාධ ඉන්දියාවේ සිදු නොවීම සඳහා අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලා සිටියා.
 
මිය ගිය තරුණියගේ අවමංගල්‍යය උත්සවයට පැමිණි කොංග්‍රස් පක්ෂ නායිකා ප්‍රියංකා ගාන්ධි භාරත ජනතා පක්ෂ නායිකා මන්ත්‍රී සක්ෂි මහරාජ් අවධාරණයෙන් පැවසුවේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය හරි හැටි ක්‍රියාත්මක වන්නේදැයි පිළිබඳව තමන්ගේ විශේෂ අවධානය යොමු කරන බවයි.
 
මෙහිදී මිය ගිය තරුණියගේ පවුලට රුපියල් ලක්ෂ 25ක් ප්‍රදානය කිරීමට මහරාජ් මන්ත්‍රීවරයා කටයුතු කළා.
 
කෙසේ වෙතත්, මියගිය තරුණියගේ පියා ඇතුළු ප්‍රදේශවාසීන්ගේ එකම ඉල්ලීම වූයේ හයිද්‍රාබාද්හි සිද්ධියේදී අපරාධකරුවන්ට පොලිසිය ලබා දුන් දඬුවම මෙම අපරාධකරුවන්ට ද ලබා දිය යුතු බවයි. එනම් වෙඩි තබා මරා දැමීමයි.
 
මේ සිද්ධිය සමඟ තරුණ කාන්තාවන්ට ඉන්දියාව සුරක්ෂිත ස්ථානයක් ද යන්න පිළිබඳව දැඩි මහජන මතයක් ස්ථාපනය වෙමින් පවතින බව ඉන්දීයා මාධ්‍ය පෙන්වා දෙනවා.
 
රෝහණ ආර්යරත්න

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top